ආනයනික බිත්තර හෙට ඉඳන් බේකරිවලට ගන්න පුළුවන්

Picture of අසංක

අසංක

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොග හෙට (30) සිට බේකරි නිෂ්පාදන සඳහා රාජ්‍ය වාණීජ විවිධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගැනීමට හැකි බව එම සංස්ථාව සඳහන් කරයි.

බිත්තරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 40කටය. බිත්තර ලක්ෂ 20ක් ඉන්දියාවෙන් ආනයනයකර ඇති බව රාජ්‍ය වාණීජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ලැබීමත් සමඟ අද (29) මෙම බිත්තර තොගය වරයෛන් නිදහස්කරගත් බවද එම සංස්ථාව සඳහන් කරයි.