නවතම පුවත්

සිසුවකු පැදවූ ජිප් රිය අනතුරක – සිසුවෙක් මරුට – 9කට තුවාල

අසංක

අසංක

මාතලේ ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් පැදවූ ජිප් රථයක් ගසක ගැටී සිදුවූ අනතුරකින් ජිප් රථයේ ගමන්කරමින් සිටි සිසුවෙක් මියගොස් සිසුන් 9 දෙනෙක් තුවාල ලබා මාතලේ රෝහලට ඇතුලත්කර තිබේ.

මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ අලුයම 1.00ට පමණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

සිසුන් වයස අවුරුදු 19ක් වන උසස් පෙළ අධ්‍යාපනය ලබන අය බව පොලීසිය කියයි. හෝටලයක සාදයකට සහභාගිවී නැවත නිවසට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත්තේ ජිප් රථය පැදවූ සිසුවාට රථය පාලනය කිරීමට නොහැකිව බව නිහාල් තල්දූව මහතා කීය.

පලාපත්වල තොටගමුව වත්තේ පදිංචිව සිටි දුෂ්මන්ත සිතුල් සිසුවා මෙසේ මියගොස් ඇති අතර රියදුරු ලෙස කටයුතු කළ සිසුවාද තුවාල ලබා රෝහල්ගතකර සිටී. තුවාල ලැබූ සිසුන් 09 දෙනාගේම තත්ත්වය බරපතල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

CP KK 5608 අංකය දරණ ජිප් රථය මෙම අනතුරින් දැඩි ලෙස හානි සිදුව ඇති බවත් රිියදුරු ලෙස කටයුතු කළ සිසුවා මෑතකදී රියදුරු බලපත්‍රයක් ලබාගත් අයෙක් බවත් පොලීසිය කියයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා