නවතම පුවත්

අයර්ලන්තයට එරෙහි ඉනිමක ජය වාර්තා අතරට

අසංක

අසංක

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 280ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සවස සමත් විය.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් පිටියේ ලැබූ විශාලතම ජයග්‍රහණය වන අතර මෙයට පෙර එම වාර්තාව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබාගෙන තිබිණි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 591ක් ලබා ගත්තේය. තවත් කඩුලු හතරක් අතැතිව තිබියදී අයර්ලන්ත කණ්ඩායමට පන්දුවට පහරදීම භාර කළ ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ ඔවුන්ට සාර්ථක විමට ඉඩ ලබා නොදුන්නේය.

ඒ අනුව අයර්ලන්ත පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 143කට සිමා විය. ඒ අනුව දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි අයර්ලන්ත ක්‍රීඩකයෝ අද සවස ලකුණු 168කට දැවී ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 179ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 140ක්, දිනේෂ් චන්දිමාල් සහ සධීර සමරවික්‍රම නොදැවී පිළිවෙලින් ලකුණු 102ක් සහ ලකුණු 104ක් ලබා ගත්හ. පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය පළමු ඉනිමේ දි ලකුණු 52කට කඩුලු 7ක් දවාලීය. ඔහු දෙවැනි ඉනිමේ දී ද ලකුණු 56කට කඩුලු 3ක් දවා ගනිමින් මෙම තරගයේ කඩුලු 10ක් ලබා ගැනීම විශේෂත්වයකි.

රමේෂ් මෙන්ඩිස් පළමු ඉනිමේ එක් කඩුල්ලක් හා දෙවැනි ඉනිමේ දි ලකුණු 76කට කඩුළු 4ක් දවාලීය. ඔහු ටෙස්ට් කඩුලු 50ක් ලබාගත් වේගවත්ම ශ්‍රි ලාංකික ක්‍රිඩකයාට හිමි වාර්තාව මෙම තරගයේ දි සම කළේය. මෙම වාර්තාව මිට පෙර දිල්රුවන් පෙරේරා සතුවිය. තරගයේ වීරයා සම්මානය ප්‍රභාත් ජයසූරියට පිරනැමිණි.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ලෙස ඉදිරියට ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා