දිස්ත්‍රික් 7ක් අද උණුසුම්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පොළොන්නරුව , අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක 07 කට අද (19) දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරසිටී.

ඒ අනුව ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව , අම්පාර ,මන්නාරම, වවුනියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල දැඩි උණුසුම් කාලගුණයක් අද දිනය පුරා පැවතිය හැක.

ඒ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

උණුසුම් කාලගුණය පවතින අවස්ථාවල ජලය වැඩිපුර පානය කිරීම මෙන්ම අධික වෙහෙසකාරී කටයුතුවල නොයෙදීම මෙන්ම සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිත කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.