නවතම පුවත්

විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වසරේ මාර්තු මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපයීම් සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙන්නේ මේ වසරේ මාර්තු මාසය තුළ විදෙස් ගත ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 568ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

එය පසුගිය වසරේ මාර්තු මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 318ක් දක්වා අඩුවී තිබුණි.

ඒ අනුව මේ වසරේ ගතවු පළමු මාස තුන තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 1,413ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මේ අතර මේ වසරේ මාර්තු මාසය තුළ සංචාරක ඉපයීම් අමෙරිකානු ඩොලර් මිලියන 198ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය පසුගිය වසරේ මාර්තු මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 161ක් ලෙස වාර්තා වී තිබුණි.

මේ අතර මාර්තු මාසය අවසන් වන විට මෙරට දළ සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් බිලියන 2.7 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වාදෙයි.

මේ වසරේ පළමුවරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා මාර්තු මාසයේ දී වාර්තා වී තිබේ.

කෙසේවෙතත් මාර්තු මාසයේ දී අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව සුළු අඩුවීමක් වාර්තා වන අතර ඊට හේතුව ඇඟලුම් අපනයන ආදායම සැලිකිය යුතු ලෙස පහළ යාම බව මහ බැංකුව පෙන්වාදෙයි.

මේ වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේ දී ආනයන වියදම ද ඉහළ ගොස් තිබේ.

පෙබරවාරි මාසයේ ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1,021ක් වන අතර මාර්තු මාසයේ දී එය ඩොලර් මිලියන 1,450 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව සඳහන් කළේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි