නවතම පුවත්

දෙවන ලෝක යුද්ධය ජයගත් ලෙසම , යුක්‍රේනයට එරෙහි සටනත් ජයගන්නවා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුක්‍රේනය ඇතුළු බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව යුද ගැටුමක් ආරම්භ කළහොත් දෙවන ලෝක යුද සමයේ මෙන්ම තමන් ඔවුන් පරාජය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan Dzhagaryan මහතා පවසයි.

දෙවන ලෝක යුද සමයේ යුද වැදි මියගිය රුසියානු රණවිරුවන් සිහිකරමින් ඊයේ කොළඹ මහජන පුස්තකාලය අසල පිහිටි යුද ස්මාරකයේදී පැවති සැමරුමට එක්වෙමින් තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ රුසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා එක්වුණි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan Dzhagaryan මහතා,

“දෙවන ලෝක යුද සමයේ නාසීන්ට එරෙහිව දියත් කළ දේශප්‍රේමි යුද ගැටුම සිහිකරමින් මතකයේ ගිනි සිළුව නම් සැමරුම් වැඩසටහන ලොව පුරා රටවල් 11ක ක්‍රියාත්මක අතර එම රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් වනවා. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවන් ඉතා වැදගත් වන අතර ලක් රජයට සිය කෘතඥතාව පල කිරීමටද මා මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා රජය වර්තමානයේදී අනුගමනය කරනු ලබන නොබැදි ප්‍රතිපත්තියද අප අගය කරනු ලබනවා. වර්තමානයේදී රුසියානු සමූහාණ්ඩුව නැවතත් නාසිවාදීන් සමග සටනක් සිදුකරනවා. මම නැවතත් පැවසීමට කැමතියි අපි නැවතත් නාසිවාදීන් ඇතුළු යුක්‍රේන රූකඩ රාජ්‍යය වගේම බටහිර විදේශිය අනුග්‍රාහකයින් පරාජය කිරීමට සූදානම්. ඔවුන් නැවත වරක් රුසියාවට එරෙහිව යුද ගැටුමක් ඇරඹුවහොත් 1945 වසරේ වගේ අපි ඔවුන් පරාජයට පත්කරනවා. අපිට කිසිදු සැකයක් නැහැ අපි මේ යුද්ධය ජයග්‍රහණය කරනවා.”

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි