නවතම පුවත්

සතොසේ මහා පරිමාණ වංචා සහ අපචාර ගැන හෙළිදරවුවක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස ආයතනය තුළ කලක් මුළුල්ලේ දැවැන්ත වංචා සහ අපචාර සිදුවන බවට පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු ප්‍රධානියෙක් චෝදනා කරයි.

ඕස්ට්‍රේලියාවේ වාසය කරන පාර්භිගික සේවා අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී තුෂාන් ගුණවර්ධන එම චෝදනා එල්ල කරන්නේ වීඩියෝ පට, ඡායාරූප සහ ලිපි ලේඛනවල පිටපත් සහිතව ට්විටර් ඔස්සේ අදහස් දක්වමිනි.

එමෙන්ම සතොස ආයතනය මිනිස් පරිභෝජනයට නුසුදුසු, විෂ සහිත ආහාර බෙදා හරින බවට ද ඔහු චෝදනා කරයි.

මැයි 07 වෙනි දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරන තුෂාන් ගුණවර්ධන, සතොස ආයතනයේ ගබඩාවක් තුළ සුදු ළූණු බිම අතුරා සතොස සේවකයින් ඒවාට පලිබෝධ නාශක විදින අන්දම දැක්වෙන ඡායාරූප බෙදා හැර තිබුණි.

ඒ පිළිබඳව අප විමසීමක් කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ, අදාළ ඡායාරූප මිට දෙවසරකට ඉහතදී ගන්නා ලද ඡායාරූප බවය. එහෙත් පිටකොටුවේ වෙළෙඳපොළෙන් ඉතා අඩු මිලට මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර මිලදී ගෙන පළිබෝධ නාශක ඉසීමෙන් අනතුරුව සතොස මාර්ගයෙන් වෙළෙදපොළට නිකුත් කිරීම කලක් මුළුල්ලේ සිදුවන ක්‍රියාදාමයක් බවත් ඔහු කියා සිටියේය.

විශේෂයෙන්ම පිටකොටුවෙන් සහල් මිලදී ගෙන, සිතාමතාම එම සහල්වලට ගුල්ලන් දමා, ඉන් අනතුරුව එම සහල් පරිභෝජනයට නුසුදුසු බව පවසා යළිත් සහල් මිලදී ගැනීමේ ජාවාරමක් කලක් මුළුල්ලේ සිදුවෙමින් පවතින බවත් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා පැවසීය.

එමෙන්ම සතොස ආයතනයේ අනිසි කළමනාකරණය හේතුවෙන් ආනයනය කරන ලද ආහාර විනාශ කිරීමට සිදුවන අන්දම දැක්වෙන වීඩියෝ පට කිහිපයක් ද මැයි 07 වෙනි දින ඔහු ට්විටර් ඔස්සේ නිකුත්කර තිබිණ.

තුෂාන් ගුණවර්ධන එල්ලකරන මේ චෝදනා පිළිබඳව අප පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ති නිරිඇල්ල ගෙන් විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ, පාරිභෝගික සේවා අධිකාරියට ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිලක් ලැබී නොමැති බවය.

තුෂාන් ගුණවර්ධන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වරින්වර එවැනි චෝදනා එල්ලකරන නමුත් ඒ කිසිදු චෝදනාවක් සනාථ වී නොමැති බව ද නීතිඥ ශාන්ති නිරිඇල්ල පැවසීය.

මේ අතර, මිට දින කිහිපයකට ඉහතදී යූටියුබ් නාලිකාවක් සමග අදහස් දක්වමින් තුෂාන් ගුණවර්ධන පවසා තිබුණේ ගොඨාභය රාජපක්ෂ පාලනය සමයේ සතොස ආයතනය මාර්ගයෙන් පිළිකා රෝග කාරක ටින් මාළු ටින් 50,000ක් පාරිභෝගිකයින්ට විකිණූ බවය.

එමෙන්ම ගෑස් සිලිඩර් පුපුරා යද්දී එයින් ආර්ථික වාසි ලබාගැනීමට උත්සහ කළ බවට ඔහු බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න ඇමතිවරුන්ට චෝදනා කර තිබුණි.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම නාලිකාව සමග පවසා තිබුණේ, කිසිවෙකුගේ බලපෑමක් මත ක්‍රියාකරන තුෂාන් ගුණවර්ධන විදේශීය රටක වීසා ලබාගැනීම පිණිස මෙලෙස චෝදනා එල්ලකරන බවය.

තුෂාන් ගුණවර්ධන ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකි.

Factseeker.lk

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා