නවතම පුවත්

අයහපත් කාලගුණික තත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා  නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයිනට බලපා ඇති  අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන  ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ  ප්‍රදේශ කිහිපයක  ආපදා  සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 මැයි මස 14 වන දින කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත හදිසි ගංවතුර තත්වයකදී ජනතාවට සහන සැළසීමට සහ ඔවුන් එම ආපදාවෙන් මුදා ගැනීම සඳහා දකුණු නාවික විධානය මඟින් ගාල්ල, අකුරුස්ස, කොටපොල, නාගොඩ, තවලම, කඹුරුපිටිය සහ අතුරලිය යන ප්‍රදේශයන් වෙත සහන කණ්ඩායම් එක (01) බැඟින් යොමු කර ඇත.

ගිං ගඟ හා නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණීමෙන් මේ වන විට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ඇතිව ඇති ජල ගැලීම් තත්වය හමුවේ එම ප්‍රදේශ වෙත යොමු කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම්  මේ වන විට ජනතාව වෙත අවශ්‍ය සහන සැලසීමට සූදානමින් සිටියි.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට අමතර  නාවික හමුදා සහන කණ්ඩායම් මේ වන විටත් සූදානමින් තබා ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා