නවතම පුවත්

සණස සාමාන්‍ය රක්ෂණ සමාගම විසින් සණස සමිති 66ක නව සේවා ඒකක අරඹයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වේගයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන සණස සාමාන්‍ය රක්ෂණ සමාගම විසින් සිය සාමාන්‍ය රක්ෂණ සේවා සහ අනෙකුත් සියලු රක්ෂණ සේවා පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව සැපැයීමේ අරමුණින් දිවයිනේ තෝර ගත් සණස සමිති 66ක නව සේවා ඒකක පිහිටුවන ලදී.

ඒ අනුව නව රක්ෂණාවරණ ඇරැඹීමට, රක්ෂණාවරණ අලුත් කිරීමට,  රක්ෂණාවරණවලට මුදල් ගෙවීමට තමන් පදිංචි ප්‍රදේශයේ සණස ශාඛා සමිති කාර්යාලයට පැමිණීම ප්‍රමාණවත් වේ. විශේෂයෙන්ම මෝටර් රථ රක්ෂණ කටයුතු වඩාත් පහසුවෙන් සිදු කර ගැනීමට පාරිභෝගිකයන්ට මෙම නව සේවා ඒකක භාවිත කළ හැකිය.

සණස සාමාන්‍ය රක්ෂණ සමාගම 2019දී ඇරැඹූ අතර සණස රක්ෂණ සමාගමට වසර 30කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් ඇත. 2022දී සණස සාමාන්‍ය රක්ෂණ සමාගම මෝටර් රථ අංශයේ 41%ක වර්ධනයක් වාර්තා කරමින් ක්ෂේත්‍රයේ වැඩිම වර්ධන වේගය සහිත රක්ෂණ සමාගම බවට පත් විය. සණස සාමාන්‍ය රක්ෂණ සමාගම ඉතා කෙටි කාලයකින් ක්ෂේත්‍රයේ නැගී එන සන්නාමයක් බවට පත් වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ සමාගම හඳුන්වා දුන් රක්ෂණ සැළැසුම් හා පාරිභෝගිකයන්ට සැපැයූ විශිෂ්ට සේවයයි.

රටේ ප්‍රමුඛ හා විශ්වාසවන්ත රක්ෂණ සන්නාමයක් වන සණස සාමාන්‍ය රක්ෂණ සමාගම සෑම විටම සිය පාරිභෝගිකයන්ට උසස් සේවාවක් සපයයි. සණස සාමාන්‍ය රක්ෂණ සමාගම සිය පාරිභෝගිකයන්ට සේවා අවශ්‍යතා බාධාවකින් තොරව පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා නිරන්තර කැපවීමෙන් කටයුතු කරයි. වසර ගණනාවක් පුරා තමන් සමග සිටින ගෞරවනීය ගනුදෙනුකරුවන්ට ස්තූතිවන්ත වන බවත් ඔවුන්ට වැඩි ජවයකින් සහ උනන්දුවෙන් සේවය කිරීමට අඛණ්ඩව කැප වන බවත් සණස සාමාන්‍ය රක්ෂණ සමාගම අවධාරණය කරයි. කළමනාකාරීත්වයේ හා නායකත්වයේ මෙන්ම සියලු සේවකයන්ගේ කැපවීම සහ ශක්තිමත් ව්‍යාපාරික උපාය මාර්ග සමග එක් වී නව තලයකට ආයතනය රැගෙන යාම සණස සාමාන්‍ය රක්ෂණ සමාගමේ ඒකායන අරමුණයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා