නවතම පුවත්

බදු නැතිව භාණ්ඩ වර්ග 7000ක් අපනයනට අවස්ථාවක්

අසංක

අසංක

එක්සත් රාජධානිය වෙත භාණ්ඩ 7000කට වැඩි ප්‍රමාණයක් කිසිදු බද්දක් රහිතව අපනයනය කිරීමට දේශීය ව්‍යවසායකයන්ට අවස්ථාව හිමි වන බව රජය කියයි.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ එක්සත් රාජධානියේ නව GSP වෙළෙඳ යෝජනා ක්‍රමය (New UK GSP Scheme) Developing Countries Trading Scheme (DCTS) හරහා එම අවස්ථාව හිමිවන බවයි.

තීන්ත හා ටයිල් කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන සමාගම්හි විධායක නිලධාරීන් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත කර්මාන්තයන් නැවත යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී අද (12) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ආනයනික භාණ්ඩ මිල ගණන් ඩොලරයේ වෙනස්වීමට සාපේක්ෂව සැළකිය යුතු අන්දමින් පහළ ගියද දේශීය නිෂ්පාදන කර්මාන්තයන්හි මිල ගණන් අඩු නොවීම ගැටලුවක් බව එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

රජය මගින් දේශීය නිෂ්පාදකයින් දිරිමත් කිරීම වෙනුවෙන් ආනයනයන් සීමා කළද, ඉන් අයුතු ප්‍රයෝජන ගෙන අනවශ්‍ය ලෙස විශාල ලාභ ලබාගැනීමට හෝ පසුගිය අර්බුද සමයේ ලැබූ අලාභ පාරිභෝගිකයා අපහසුතාවයට පත් කරමින් යළි පියවා ගැනීමට උත්සහ නොදැරිය යුතු බව නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඉදිරි වසර 5ක කාළය තුළ රජය මහා පරිමාණයේ ඉදිකිරීම් ආශ්‍රිත ව්‍යාපෘති දියත් නොකරන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

පවතින ආර්ථික තත්ත්වය යටතේ නිසි ප්‍රයෝජනයක් නොමැති එවැනි ව්‍යාපෘති කිහිපයක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත නවතා දැමූ බව පෙන්වා දී තිබේ.

ඒ අනුව සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ, අඩු පිරිවැය සහිත අමුද්‍රව්‍ය තුළින් සිදුකරන ඉදිකිරීම් ඉහළ දැමීමට ඉදිකිරීම් ක්ෂේත්‍රය යොමු විය යුතු බව වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි