වරාය අධිකාරියේ මාධ්‍යට සම්බන්ධ ඉහළ නිලධාරියෙකුගේ නිවසකට කොල්ලකරුවෙක් කඩා වැදී රුපියල් කෝටියකට අධික මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා ඇත.
මෙම නිවස පිහිටා ඇත්තේ බොරලැස්ගමුව කටුවාවල මාවතේය.
උල් පිහියක් අතින් ගෙන ඊයේ නිවසට කඩාවැදුණු පුද්ගලයෙක් විසින් නිවසේ මෙහෙකාරිය බියගන්වා අමෙරිකානු ඩොලර් 10,400ක් රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් සමඟ රන් භාණ්ඩ තොගයක් කොල්ලකා ඇති බව බොරලැස්ගමුව පොලීසිය කියයි.
කොල්ලකෑ මුදල් හා රන් භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බව පොලීසිය කියයි.