සීගිරි රජ දවස 3D රූප රාමු ඔස්සේ

Picture of අසංක

අසංක

සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය කෞතුකාගාරයේ සිට ඉපැරැණි රජ සමයේ සීගිරිය පැවැති ආකාරය දැක්වෙන අපූරු ත්‍රිමාන රූප රාමු (3D) හරහා දැක බලාගැනීමට අවස්ථාව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ලබාදී තිබේ.


විනාඩි 15ක කාලයක් පුරා මෙම ත්‍රිමාන රූප රාමු දැකබලාගැනීමට සංචාරකයන්ට අවස්ථාව ලැබී තිබේ.
සිංහ පාදය, සීගිරි බිතුසිතුවම්, දිය පොකුණු, සීගිරි අප්සරාවන් සීගිරි කාශ්‍යප රජු ඇතුළු රූප රාමු රැසක් ද සීගිරිය බටහිර දොරටුවේ සිට සීගිරි මුදුනේ පිහිටි රජමාළිගය දක්වාම ඉපැරැණි රජ දවස මෙහි නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.