නවතම පුවත්

IMF කණ්ඩායම එන්න කලින් ශ්‍රී ලංකාවට ඉලක්කයක්

අසංක

අසංක

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත ලබා‍දුන් ඩොලර් බිලියන 2.9 ක ඇපකරයේ පළමු සමාලෝචනයට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (DDR) සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

එම ඇපකරයට අදාළ සමාලෝචනය ලබන 14වනදාට පෙර සිදුකිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බලාපොරොත්තු වේ.

රටේ විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සහ ව්‍යවස්ථාදායක බාධක මත වැඩි වන පීඩනය හේතුවෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමට හේතුවිය.

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන පිළිබඳ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල කණ්ඩායමක් ලබන මාසයේදී කොළඹට පැමිණෙන බවටට එම ආයතනය පසුගියදා නිවේදනය කර තිබුණි.

පළමු සමාලෝචනය සැප්තැම්බර් 14 සිට 27 දක්වා පැවැත්වෙනු ඇත.

ගෙවුණු ජුනි අවසානය දක්වා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරන වැඩසටහනේ කාර්ය සාධනය මෙහිදී සලකා බලයි.

එම සමාලෝචනයේදී ශ්‍රී ලංකාවේ කාර්යභාරය අයිඑම්එෆ් කාර්ය මණ්ඩලය සහ විධායක මණ්ඩලය විසින් අනුමත කළහොත් ඉදිරි වාරිකය වන ඩොලර් මිලියන 338 ක් පමණ ලබා දීමට එමගින් අවකාශය සැලසේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි