නවතම පුවත්

මහින්ද පාසල් වල ආරක්ෂාව සොයන්න යයි ඒකාබද්ධයේ සැමට යන්න කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් පාලන නියෝජිතයින්ට තම තමන්ගේ මැතිවරණ කොට්ඨාශවල පිහිටි පාසල් වලට ගොස් අද (21) දිනයේදී පාසල් වල ආරක්‍ෂක තත්වයන් සොයා බලා පාසල් වලට ළමුන් පැමිණීම සඳහා දිරිගැවීමට කටයුතු කරන ලෙස ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාද පුද්ගලිකවම මැදිහත් වෙමින් අද පෙරවරුවේ කොළඹ හා ඒ අවට පිහිටි තර්ස්ටන්, රාජකීය, විශාකා, හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද, ගෝතමී යන පාසල්වලට ගොස් පාසල් ළමුන්, දෙමාපියන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හා ආරක්‍ෂක නිලධාරීන් සමඟ  අදහස් හුවමාරු කර ගනිමින් පාසල් හා ඒ අවට ආරක්‍ෂක තත්වයන් සොයා බැලීමට කටයුතු කළේය.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්, විපක්‍ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන්ද එක්වූහ. 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා