DIG නාලක ද සිල්වාට ඇප

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කුමන්ත්‍රණයක් සැලසුම් කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට අද (21දා) ඇප නියම විය.

ඒ අනුව රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොළම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. ඔහුට විදෙස් ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.