පාර්ලිමේන්තුවේ සේවය කළ තවුහීඩ් ජමාත් සැකකරුගේ කාර්‍යාල කාමරය පිරික්සයි

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා මරාගෙන මැරුණු බෝම්බකරු සහරාන් කාසිම් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට පොලීසිය පැවසූ පාර්ලිමේන්තුවේ සේවය කළ සුචිගත කිරීමේ නිලධාරියාගේ කාර්‍යාල කාමරය කුරුණෑගල පොලිස් කණඩායමක් විසින් පරීක්ෂා කර තිබේ.

හැන්සාඩ් අංශයේ සේවය කළ ඔහුගේ රාජකාරි කරන ස්ථානයේ ලොකර් එකෙහි සැකකටයුතු කිසිවක් හමුනොවූ බව පොලීසිය සඳහන් කළේය.

ඔහු දීර්ඝ කාලයක සිට ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයට සම්බන්ධව කටයුතු කළ අයකු බවට පොලීසිය පවසා තිබුණි.