ඇමෙරිකානු හා චීන ජනපතිවරුන් අතර විශේෂ හමුවක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා චීන ජනාධිපති ෂී ජින් පින් අතර හමුවක් සිදුවීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ධවල මන්දිරය මේ වනවිටත් ඒ සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.   ඒ අනුව ලබන නොවැම්බර් මාසයේදී අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවරදී අමෙරිකානු චීන නායකයින් දෙපළ හමුවනු ඇති බවයි වාර්තා වන්නේ.


අමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන්ට අනුව දෙරට අතර සබඳතා ස්ථාවර කර ගැනීමේ උත්සාහයක් ලෙස මෙම හමුව සංවිධාන කර ඇතැයි සඳහන්.

කෙසේවෙතත් කිසිඳු පාර්ශවයක් විසින් එම හමුව පිළිබඳ මෙතෙක් තහවුරු කර නැහැ. අමෙරිකාව මේ සම්බන්ධයෙන් ඉඟි පල කළ ද චිනය ඒ සම්බන්ධයෙන් කිසිඳු අදහසක් පල කර නැහැ.