ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව 2024 දී ජනාධිපතිවරණයක් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන්පසුව පාර්ලිමේන්තු මැතිවරණයක් ද පවත්වන බව ජනාධිපතිවරයා කියාසිටියේ අද (21) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අමතමිනි.
ඒ අනුව 2025 දී පළාත් සභා මැතිවරණයක් ද පැවැත්විය හැකි බව ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ ය.
‘Smart Country ජයගමු 2048’ යන තේමාවෙන් යුතුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ එම පක්ෂ සම්මේලනය අද පැවැත්විණි.
එහිදී රටේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ වැඩිදුරටත් ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහතින්.