මීළඟ විදුලි ගාස්තු සංශෝධනය තවත් මාස 6කින් සිදුකිරීමට රජය තීරණය කරයි.
මේ මාසයේදී විදුලි බිල වැඩිකිරීම නිසා 2024 වසරේ අප්‍රේල් මාසයේදී මීළඟ බිල සංශෝධනය බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
ඉදිරියේදී වසරකට මාස 03කට වරක් විදුලි බිලේ සංශෝධනයක් සිදුකිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවිය.
මේ මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුවීම නිසා එළඹෙන වසරේ ජනවාරි පළමුවනදා විදුලිබිල සංශෝධනය නොකරන බව අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව මීළඟ විදුලි බිල සංශෝධනය සිදුකරන්නේ 2024 වර්ෂයේ අප්‍රේල් මස 01 වනදාය.