විශ්වාසභංගයේදී බදියුදීන්ට එජාපයේ සහය – නවීන්

Picture of අසංක

අසංක

අමාත්‍ය රිෂාද් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේදී එක්සත් ජාතික පක්ෂයේ සියලූම මන්ත්‍රීවරුන් අමාත්‍යවරයාට සහය පළකරන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා විසින් ඊයේ කරන ලද ප්‍රකාශයක් පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී හෙතෙම මේ බව පැවසීය.

බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කිසිඳු සාක්ෂියක් තහවුරු වී නොමැති විටෙක ඔහු පසුපස හඹායාම ජාතිවාදී ක්‍රියාවක් බව නවීන් දිසානායක මහතා එහිදී අවධාරණය කළේය.

නිරෝෂන් පෙරේරා අමාත්‍යවරයා ඊයේ කළ ප්‍රකාශය වැරදීමකින් කියූවක් බව ද නවීන් දිසානායක අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

නිරෝෂන් පෙරේරා මහතා පවසා තිබුණේ විශ්වාසභංග ඡන්ද විමසීමට පෙර රිෂාද් බදියුදීන් ඉල්ලා අස්නොවුනොත් තමන් විශ්වාසභංගය යට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවයි.