තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අද (03) යාපනයේ සංචාරයක නිරත වී තිබේ.
ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනයේ නව තාක්ෂණ හා නිපැයුම් වෙළෙඳ ප්‍රදර්ශනය නිරීක්ෂණයට සහභාගි වී ඇති අතර, එහි දී ඇය ව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් පිළිගෙන ඇති බව වාර්තාවේ .
.
යාපනය පුස්තකාලය හා නල්ලූර් කෝවිල නිරීක්ෂණය කළ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය යාපනය ප්‍රදේශයේ ඉදි කළ ඉන්දීය අයෝජන බැංකු ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ද එක් ව තිබිණි.
අනතුරු ව යාපනය සංස්කෘතික ශාලාවේ දී උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් සිදු ව ඇති අතර, එම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් ද එක් ව සිටි බව සඳහන්ය.