නවතම පුවත්

පොලීසියේ වේගසීමා උපකරණ අක්‍රියයි

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

ශ්‍රී ලංකා පොලීසිය සතුව මේ වන විට පවතින රථවාහන අංශය සතු වේග සීමා පරීක්ෂා කිරීමේ උපකරණ අක්‍රිය තත්ත්වයේ ඇතැයි නවතම විගණන වාර්තාවකින් හෙළිකර ඇත.

රාජ්‍ය ආයතනවල මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විගනකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2022 වසරට අදාලව නිකුත් කළ විගණන වාර්තාව මගින් ඒ බව අනාවරණය කර ඇත.

එම විගණන වාර්තාවය අනුව ශ්‍රී ලංකා පොලීසියට අවසන්වරට වේග සීමා පරීක්ෂා කිරිමේ උපකරණ මිලදී ගෙන ඇත්තේ 2016 වසරේදීය. එවර මිලදී ගෙන ඇත්තේ යන්ත්‍ර 25ක් පමණි.

ඊට පෙර 2013 වසරේදී යන්ත්‍ර 30ක්ද, 2010 වසරේදී යන්ත්‍ර 100ක්ද මිලදී ගෙන ඇති බවද එම විගණන වාර්තවේ සඳහන්ය.එම උපකරණ අතරින් විශාල ප්‍රමාණයක් මේ වන විට අක්‍රිය තත්ත්වයේ පවතින බව ද එහි සඳහන්ය.

2018 – 2022 කාල පරිච්ජේදයේ වාර්ෂිකව වේග මාපක යන්ත්‍ර (Automatic Speed Trap) 500 බැගින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද පොලිස් කොට්ඨාශයට ලබා ගැනීමට ඉල්ලුම්කර තිබුණද 2016 වසරින් පසු එක යන්ත්‍රයක්වත් ලැබී නැත.

විගණන වාර්තාව මගින් පෙන්වා දෙන්නේ මාර්ග ආරක්ෂාව පිළිවඳ ජාතික සභාව විසින් වේග මාපක යන්ත්‍ර මිලදී ගැනීමට රුපියල් මිලියන 150ක් වෙන්කර ඇති බවය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා