දකුණු ආසියාවේ උසම අවන්හල ලෙසින්, කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ පිහිටි ‘Blue Orbit’ අවන්හල එළඹෙන 09 වෙනි සෙනසුරාදා විවෘත කිරීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය.
මේ අතර මෙම අවන්හලේ මෙහෙයුම් සිදුකරනු ලබන ආයතනය වන Citrus Leisure PLC පවසන්නේ, නෙළුම් කුලුන පරිශ්‍රයේ 26 වෙනි මහලේ පිහිටි උත්සව ශාලාවේ (Banquet Hall) සහ 27 වෙනි මහලේ පිහිටි කැරකෙන අවන්හලේ (Revolving Restaurant) කළමනාකාර කටයුතු සිය සමාගම විසින් සිදුකරනු ලබන බවයි.