නවතම පුවත්

රොෂාන්ගේ ගැසට්ටුව හරීන් අවලංගු කරයි

අසංක

අසංක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව අද (13) අභියාචනාධිකරණයට ද දැනුම් දී ඇත.

ඒ ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම අද කැඳ වූ අවස්ථාවේදී ය.

මෙම තත්ත්වය මත අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද, නැද්ද සළකා බැලීම සඳහා දෙසැම්බර් 15 වැනිදා අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය නොවැම්බර් මස 5 වනදා අංක 2356/43 දරණ ගැසට් පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමඟ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරන ලද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල, කාර්යයන් හා රාජකාරි ඉටුකිරීම සඳහා අතුරු කමිටුව විසුරුවා හැරේ.

එම ගැසට් නිවේදනය පහතින්.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා