තැන්පතු රක්ෂණයක් සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එමගින් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය 100%ක්ම සුරක්ෂිත වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැඟීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් මගක් නොමැති බවද හෙතෙම එහිදී කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය බිඳ දැමුවහොත් මුළු රටම නැවත කඩාවැටෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පහතින්.