නවතම පුවත්

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය මෙරට සංචාරයක !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය මෙරට සංචාරයකට සූදානම්වේ.

ඒ අනුව ඇය එළඹෙන ජනවාරි 10 වනදා දිවයිනට පැමිණීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

ඇය ජනවාරි 13 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන්.

ඈන් කුමරියත් සමඟ ඇගේ සහකරුවෙකු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් ද මෙරටට පැමිණෙනු ඇති.

ශ්‍රී ලංකාව සහ බි්‍රතාන්‍යය අතර පවතින රාජ තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සර සැමරුමට සමගාමීව බි්‍රතාන්‍යයේ ඈන් කුමරිය මෙරටට පැමිණෙන බව ද විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවා.

ඒ,    ශ්‍රී ලංකා රජය විසින් සිදුකළ ආරාධනයකට අනුවයි.

ඈන් කුමරිය යනු බි්‍රතාන්‍යයේ අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ එකම දියණිය වන අතර ඇය තුන්වන චාල්ස් රජුගේ එකම සහෝදරියයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා