නවතම පුවත්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කඩාවැටීමක්

අසංක

අසංක

ගෙවුණු නොවැම්බරයේදී මෙරට ඉදිකිරීම් ක්‍රියාකාරකම් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය නොවැම්බර් මාසයේදී 44.3ක අගයක් වාර්තා කර ඇති බව අද(29) නිකුත් කළ මහබැංකු වාර්තාවකින් අනාවරණය කර ඇත.

නව ව්‍යාපෘති අඩු මට්ටමක පැවතීම ඊට බලපෑ එක් හේතුවකි. එමෙන්ම දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අදාළ කටයුතු අවසන් අදියරේ පැවතීම ද සමස්ත ක්‍රියාකාරකම් අඩුවීමට හේතු වී ඇත.

පෙර මාසයට සාපේකෂව නොවැම්බර් මාසයේදී නව ඇණවුම් පහත වැටීමක් වාර්තා කර ඇත.

කෙසේ වුවද, ඉදිරි වසරේ මුල් භාගය වන විට, විශේෂයෙන් රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වීමට නියමිත නව ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් ප්‍රදානය කෙරෙනු ඇතැයි අපේකෂා කෙරේ.

වත්මන් වාතාවරණය තුළ අවම සේවක සංඛ්‍යාවක් පවත්වාගෙන යාමට සමාගම් කටයුතු කරමින් සිටී.එම නිසා සේවා නියුක්තිය ද අඛණ්ඩව පහත වැටී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

තවද, ඉදිකිරීම් කටයුතුවල පහත වැටීමත් සමඟ, තොග මිලදීගැනීම් ප්‍රමාණය ද අඩු වී ඇත.

ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළදී ද ඉහළ අගයක පැවතුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා