මාස පහට වෙඩි තැබීම් 42යි, ඝාතන 29යි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2025 වසරේ ගෙවීගිය මාස පහ ඇතුලත රට පුරා සිදුවූ වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 29 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි .

ගෙවුණු මාස පහ තුල රට පුරා වෙඩි තැබීම් සිද්ධි 42ක් වාර්තාවී ඇති බව එම වාර්තා අනාවරණය කර සිටී .

අද (05) උදෑසනද ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයෙකු වෙඩි තබා ඝාතනය කල අතර ඊට අදාළ CCTV දර්ශන පෙළක් මේ වනවිට සාම මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 වියැති තරුණයෙකු බව සඳහන්ය.

ගල්කිස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.