නවක වධයෙන් වාසි අත්වන්නේ පුද්ගලික විශ්වවිද්‍යාලවලටයි!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඉතා විධිමත් ලෙස ක්‍රියාත්මක වන පසුබිමක රාජ්‍ය විශ්වවිද්‍යාලවල නවක වධය, වැඩවර්ජන සහ විරෝධතා නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

මෙම අවාසනාවන්ත තත්ත්වය නිසා සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රතික්ෂේප කරමින් ඇතැයි ද උසස් පෙළ ඉහළින් ම සමත් වන සිසුන් පවා රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත පැමිණීමට අකමැත්තක් දක්වන බව ද ඔහු පෙන්වා දෙයි. ඔවුන් බොහෝ දෙනා දෙස් විදෙස් පුද්ගලික විශ්වවිද්‍යාල වෙත යොමුවීමේ ප්‍රවනතාවයක් මතුව ඇති බවද මහාචාර්යවරයා පවසයි .

දරුවෙකුට විශ්වවිද්‍යාලයට පැමිණ නිදහසේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල මුල්බැස ඇති නවකවධය ඇතුළු ගැටලු 100%ක් නිරාකරණය කළ යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරාළ අවධාරණය කරයි.