බ්‍රිතාන්‍ය සංචාරක මාධ්‍යවේදීන් ශ්‍රී ලංකාවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍ය සංචාරක වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාවේ නව සංචාරක ආකර්ශනය සහිත ස්ථාන බ්‍රිතාන්‍ය සංචාරයන්ගේ සහ එරට සංචාරක නියෝජිතයන්ගේ වැඩි අවධානයට යොමු කරමින් ඔවුන් සමග ශක්තිමත් අඩිතාලමක් දැමීම සඳහා බ්‍රිතාන්‍ය සංචාරක ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් 34 දෙනෙකු 13 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවේදීන් පිරිස එරට ප්‍රමුඛතම ජනමාධ්‍ය ආයතනවල සේවය කරන පිරිසක් වන අතර මෙම සංචාරය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර ඇත.

පළමුවරට මෙරටට පැමිණි මෙම බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවේදීන් පිරිස දින 12 ක කාලයක් මෙරට රැඳී සිටිමින් සීගිරිය, දඹුල්ල, ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම, නුවරඑළිය, මිරිස්ස, ගාල්ල, මහනුවර, යාල සහ කොළඹ ආදී ප්‍රදේශවල සිය අධ්‍යයන චාරිකාවේ නිරත වීමට නියමිතය.

මෙම බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවේදීන් පිරිස 13 දින පස්වරු 01.15 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි