සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සිදත් සුරංග මහතාට අනුව, දිවයිනේ පෞද්ගලික ඔසුසල්වල අත්‍යවශ්‍ය ඖෂධ 15කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතී.
මෙයට ජීවනී සහ ඉන්සියුලීන් වැනි බහුලව භාවිතා වන ඖෂධද ඇතුළත් වේ.
පිළිකා රෝගීන් සහ කුඩා දරුවන් සඳහා භාවිතා කරන ඖෂධ වර්ග කිහිපයක් ද මෙම හිඟයට අයත් වන බව සුරංග මහතා පැහැදිලි කළේය.
ඖෂධ සඳහා නියමිත වේලාවට ඇණවුම් නොකිරීම ඇතුළු විවිධ හේතු මෙම තත්ත්වයට බලපා ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස, තම සංගමයේ සාමාජික ඔසුසල් හිමියන් සමඟ සාකච්ඡා කර, හිඟ ඖෂධ ලබා ගත හැකි ඔසුසල් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද සුරංග මහතා වැඩිදුරටත් පැවසීය.