ගුරුවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පදික වේදිකාවේ රැඳීසිටිමින් ඊයේ රාත්‍රිය පහන් කර ඇති බව මාධ්‍ය පවසයි .
ඔවුන් එලෙස රැඳී සිට ඇත්තේ , තම සාධාරණ ඉල්ලීම ජනපතිවරයාගේ අවධානයට ලක්වනතුරු බව ඔවුන් පවසයි.
ඒ ගුරුවරුන් සේවය කරන පාසලටම ඔවුන්ගේ දරුවන් ඇතුළත් කර දෙන ලෙස ඉල්ලමින්ය.
ඔවුන් ඊයේ දහවල් කාලයේ පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණි.
ගුරු දරුවෝ එකමුතුව විසින් මෙම පාගමන සංවිධානය කර තිබුණි.
