TikTok මෙහෙයුම්වල හිමිකාරිත්වය සම්බන්ධයෙන් ඇමෙරිකාව චීනය සමඟ ගිවිසුමකට එළැඹ තිබේ.
අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කරනුයේ, අදාළ ගිවිසුම සඳහා වන මූලික රාමුව මේ වනවිටත් සකස් කර ඇති බවය.
සාකච්ඡා ඉතා හොඳින් සිදු වූ බව ට්‍රම්ප් Truth Social වෙබ් අඩවියේදී පැවසීය. චීනය රාමුගත ගිවිසුමක් තහවුරු කළ නමුත් ඔවුන්ගේ සමාගම්වල අවශ්‍යතාවලට හානි කරමින් කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බව ද සඳහන් කළේය.
ඇමරිකානු මෙහෙයුම් සඳහා ගැනුම්කරුවෙකු සොයා ගැනීමට හෝ ජාතික ආරක්ෂක හේතූන් මත රට තුළ තහනමකට මුහුණ දීමට TikTok හි චීන හිමිකරුට අවසන් දිනය එළඹෙමින් තිබේ.