දූෂණයට එරෙහි සටන භයානක වුව ද ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ දූෂණයට එරෙහි සටන ලොව සෑම රටකම සංස්කෘතියේ කොටසක් බවට පත්විය යුතු බවය.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය සහ ඒ හා බැදුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වර්තමානයේ ලෝකය නවතම ගැටලුවක් වී ඇති බව ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේය.
පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිලිගන්නා අතර ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් නතර කිරීම සදහා ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් වැඩිදුරටත් සදහන් කළා.
