චීන රජයේ ආධාර නිල වශයෙන් භාර දෙයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීන රජයෙන් ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාර සහ යුවාන් මිලියන 10 ක හදිසි සහන සැපයුම් ලබා දී තිබේ.

මීට අමතරව චීන රතු කුරුස සංගමය හරහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමය වෙත අමෙරිකානු ඩොලර් 100,000 ක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකාවේ සිටින චීන ව්‍යවසායකයන් සහ පුරවැසියන්ට අවශ්‍ය සහන කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 10 ක් පරිත්‍යාග කළ බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ චීන තානාපති කාර්යාලය පැවසුවේ මෙම පරිත්‍යාග ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වෙත භාර දුන් බවය.

චීනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු ලෙස දැක්වූ මෙම සහයෝගය ඉතා අගය කොට සලකන බව අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චීනය සිය සංවේගය ද එම අවස්ථාවේ දී පළකර ඇත.

මෙම දුෂ්කර කාලය තුළ ශ්‍රී ලංකාව සමග සිටින බවත් රට යථා තත්ත්වයට පත් කිරීමට සහ නැවත ගොඩනැගීමට දරන උත්සාහයන්ට සහාය වීමට චීනය කැපවී සිටින බවත් එහිදී  නැවතත් ශ්‍රී ලංකානු රජයට අවධාරණය කර තිබේ.