දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ව්‍යසනයෙන් ආර්ථිකයට ඩොලර් බිලියන දෙකක පමණ පාඩුවක් සිදුව ඇතැයි තමන්ගේ තක්සේරුව බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.
මෙම ව්‍යසනයෙන් ගොඩ ඒම වෙනුවෙන් විශාල මූල්‍ය අවශ්‍යතාවක් පවතින හෙයින් මේ වන විට රජය ජාත්‍යන්තර සහය මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ සහය ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඩොලර් මිලියන 200ක හදිසි ආධාරයක් ලබාගැනීමට අපේක්ෂාවෙන් පසුවෙන බව දුනුසිංහ මහතා කියා සිටියි.
එමෙන්ම මේ වන විට ආපදාව වෙනුවෙන් රජය මුදල් යොදවා ඇති ආකාරය යහපත් බවද දුනුසිංහ මහතා පවසයි.
”ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් අමතර රුපියල් බිලියන පනහක මුදලක් අපේක්ෂා කරන බව ඉල්ලා සිටියා. ඊට අමතරව බිලියන විස්සක ප්‍රමාණයක් ඉතිරිව තියෙන බව සඳහන් කළා. ඒ අනුව රුපියල් බිලියන 70 ක මුදලක් මේ ආපදාවන්ට සහන ලබාදීමට යොදවන්න යෝජනා වෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේ රජය මේ ආකාරයෙන් මුදල් වෙන් කර ගැනීම යහපත් කියලා මම දකිනවා. කෙටිකාලීන ආර්ථිකය බිඳවැටීම වළක්වා ගැනීම ඉතා වැදගත් වෙනවා ආර්ථික වර්ධනය යම් මට්ටමකින් පවත්වාගෙන යන්න. ඉදිරි කාර්තු දෙක තුළ ආර්ථිකය හැකිලේවි කියලා උද්ධමනය ඇති වෙයි කියලා ගෙවුම් ශේෂයට අදාල දැඩි පීඩනයක් ඇතිවෙන්න හැකියාවක් තියෙනවා. සංචාරක කර්මාන්තයට ඇතිවෙච්ච බලපෑම් නිසා ගෙවුම් ශේෂයට බලපෑමක් ඇතිවෙනවා. වඩාත්ම බලපෑමක් ඇති වෙන්නේ මම හිතන විදිහට ආහාර සුරක්ෂිතතාවයට ඇතිවෙලා තියෙන තර්ජනය තුළ. ලංකාවට ආහාර ආනයනය කරන්න සිදුවෙලා තියෙනවා. මේ සඳහා මුදල් වෙන් කළ යුතු වෙනවා. තව රුපියල් බිලියන 100 ක් විතර මේ සඳහා වැය වෙයි කියලා මම හිතනවා.ඩොලර් වලින් ගත්තොත් ඩොලර් බිලියන දෙකක් විතර මේ සඳහා වැය වෙයි කියලා හිතනවා.”
මේ අතර ලෝක බැංකුව මඟින් ප්‍රතිපාදන ලබා ගැනීමේ හැකියාව පිළිබඳවත් ශ්‍රී ලංකා ඩයස්පෝරවෙන් සහය ගෙන අරමුදල් ලබා ගැනීම පිළිබඳව ද රජය මේ මොහොතේ සලකා බැලිය යුතු වන බවයි මහාචාර්යවරයා පවසන්නේ.
”ආපදාව නිසා සිදුවූ යටිතල පහසුකම් හදන්න ඕනා. දෙවනුව දිගු කාලීන ආයෝජන සඳහා ලංකාව යා යුතුයි. ගං වතුර පාලනයට නාය යන ප්‍රදේශවලින් ඉවත් කිරීමට, උෂ්ණත්වය ඉහළ යාම එවැනි ප්‍රශ්න ප්‍රශ්නවලට අදාළ ආයෝජනය කරන්න ඕනා. ආපදා නිසා මේ ආකාරයෙන් සිදුවන විපත්වලට ඉදිරියේදී විශාල වශයෙන් වැය කරන්න සිද්ධ වෙනවා මේ පිළිබඳව ආයෝජනයක් සිදු නොකළොත් හංවැල්ලේ සිට මෝදර දක්වා ගංවතුර නවත්තන්න අරන් තිබුණු ක්‍රියාමාර්ග දිගටම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා ආයෝජන සිදු කළ යුතුයි. ආර්ථිකයට හානියක් නොවන විදියට සියල්ල කළ යුතුයි.”
රටක් ලෙස ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින් පවතින අවස්ථාවක මේ ව්‍යසනයත් සමඟ එන කම්පනයෙන් මිදීම සඳහා නිසි කළමනාකරණයෙන් යුතුව ක්‍රියාත්මක වියයුතු බවයි දුනුසිංහ මහතා සඳහන් කරන්නේ.
මෙහිදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණය අතිශය වැදගත් බව ඔහු පෙන්වා දෙයි.
”ආර්ථික අවපාතයකට යාම වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. මේ තත්ත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය එකඟතාවයට පත් වෙච්ච පිරිස අතර ඒ ගිවිසුම් වෙනස් කිරීමට කටයුතු කළ යුතු වෙනවා. ආර්ථික පරිවර්තන පනත සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. විදේශ ආයෝජකයන්ට සුදුසු පරිසරයක් සහිතව කටයුතු කරන්න වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් අනුව ඒ අනුව කටයුතු කරන්න ඕනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනයක් අවශ්‍ය වෙනවා. මැදි කාලීන, දිගුකාලීන ආර්ථික වර්ධනය කරන කටයුතු කරන්න ඕන. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දේශගුණික විපර්යාසවලින් සිදුවන බලපෑම අවම කරමින් විදේශ ආයෝජකයන් සම්බන්ධ කරගන්න ඕන. රජයේ දැන් පවතින මූල්‍ය තත්ත්වය ඒ තරම් අයහපත් කියලා මම හිතන්නේ නෑ. ආපදාවන් සඳහා වැය කිරීමේදී ඒ සඳහා තුලනයක් සිදුකළ යුතුයි. විශ්ලේෂණයක් අනුව ක්‍රියා කරන්න ඕනා සංචාරක කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම සහ යළි ගොඩනැගීමට කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර ආධාර සමුළුවක් සංවිධානය කළ යුතුයි. විශාල මූල්‍ය අවශ්‍යතාවයක් තියෙනවා. මේවා නිවැරදිව කළමනාකරණය කිරීමට රජය අවධානය යොමු කළ යුතුයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
