පකිස්තානයට හා චීනයට එරෙහිව , දෙමළ දේශපාලන පක්‍ෂවලින් සංදේශයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිට්වා ව්‍යසනයත් සමග පාකිස්ථානය සහ චීනය උතුරේ වැඩකටයුතුවලට දායක වීම සම්බන්ධයෙන් උතුරේ සහ උඩරට දෙමළ දේශපාලන නායකයන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්ට අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ මෙරටට පැමිණි ජයිශංකර් උතුරේ සහ උඩරට දෙමළ දේශපාලන නායකයන් වෙනුවෙන් ඔහුගේ කාර්යබහුල කාලසටහනින් කාලය වෙන් කර තිබිණි.

අසල්වැසි ඉන්දියාවේ ඉහළ පෙළේ නිලධාරියකු පැමිණෙන සෑම අවස්ථාවකම කලක සිට මෙය ‘සම්මතය’ වී ඇත.

මෙම සාකච්ඡා අතරතුර, උතුරේ දේශපාලන නායකයන් නිතිපතා කණස්සල්ල ප්‍රකාශ කරන පළාත්වලට බලතල බෙදා හැරීම පිළිබඳව ද අදහස් දක්වා තිබේ.

’13 වැනි සංශෝධනය’ ඉන්දියාවේ සංකල්පයක් වූ බැවින්, ඔවුන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් මෙම ගැටළු මතුකරන බව දෙමළ නායකයන් පවසා ඇත.

වතුකරයේ දෙමළ දේශපාලනඥයන් ඔවුන්ගේ සම්භවය සහ පවුල් මූලයන් නිසා මෙරට උඩරට කලාපයේ යහපැවැත්ම සහතික කිරීම වෙනුවෙන් ඉන්දියාවෙන් ‘සදාචාරාත්මක යුතුකමක්’ සඳහා සහාය පතයි.

මෙම සුපුරුදු කරුණු තිබියදී, වෙනත් කරුණු සාකච්ඡා කිරීම දුර්ලභය.

කෙසේවෙතත්, උතුරේ දෙමළ දේශපාලන නායකයන් සහ ආචාර්ය ජයිශංකර්ගේ සාකච්ඡාව අතරතුර චීන සහ පකිස්ථානු පැමිණීම ගැන සඳහන් කරමින් දෙමළ නායකයන් උතුරේ නව ‘නළුවන්’ සිටීම ගැන සැළකිලිමත් වන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු කර තිබේ.

භූගෝලීය පිහිටීම සහ ජාතික ආරක්ෂක අංශ සළකා බැලීමේදී ‘ඉන්දියාව අවධානය යොමුකළ යුතු’ බවටත් ‘නව නළු නිළියන්’ සිටීම විදේශ කටයුතු අමාත්‍යවරයා අවධානයට ගැනීම අවශ්‍ය බවත් දෙමළ දේශපාලනඥයන් අවධාරණය කර තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ, මන්නාරමේ දේශීය සුළං බල සමාගමක් සඳහා පකිස්ථානුවන් 40කට වැඩි පිරිසක් සේවය කරන බවයි.

සාකච්ඡාව අවසන් වන විට, නියෝජිත පිරිස ඔවුන්ගේ ගැටළු ඇතුළත් සංදේශයක් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා වෙත භාර දුන්හ.

කෙසේවෙතත්, සංදේශය කෙටුම්පත් කළේ කවුරුන්ද යන්න නිශ්චිත නැත.