ඉකුත් 2025 වසර තුළදී සංචාරක මණ්ඩල අනුමැතිය සහිතව නව මත්පැන් බලපත්‍ර 142 ක් ලබාදී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලබාදුන් බලපත්‍ර අතර හෝටල් බලපත්‍ර සහ භෝජනාගාර බලපත්‍ර වෙයි.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කීය.

