ලංකාවෙන් පලාගිය IS ත්‍රස්ත යාත්‍රාව ලක්ෂද්වීප් දූපත් වෙත – ඉන්දු වෙරළේ ආරක්ෂාව දැඩි කරයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවෙන් පලා ගිය බව කියන අයිඑස් ත්‍රස්ත සාමාජිකයින් 15 දෙනකු රැගත් යාත්‍රාව අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දියාවේ වෙරලාශ්‍රිත ජනතාවගෙන් එරට ආරක්ෂක අංශ සහය ඉල්ලා තිබේ.

එරට දුරස්ථ දූපත් සමූහයන් වන ලක්ෂද්වීප් දූපත් වෙත මෙම යාත්‍රාව ගමන් කරන බවට තොරතුරු ලැබී ඇත.

මේ වනවිට ඉන්දීය රජය විසින් නාවික, ගුවන් හා යුද හමුදා මෙන්ම එරට සියලුම ආරක්ෂක ඒජන්සි වෙතින් විශේෂ රැස්වීම් වට කිහිපයක් පවත්වා ආරක්ෂාව දැඩි කර ඇතැයි එරට වාර්තා පැවැසීය.

ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වන සියලුම යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා නාවික හමුදාවේ යාත්‍රා කිහිපයක් මෙන්ම ගුවන් හමුදාවේ යානා කිහිපයක් දැනටමත් මෙහෙයුම්වල යොදවා සිටියි.

වරළාශ්‍රිතව බුද්ධි ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක අතර ජනතාවගේ සහයෝගිය වැඩිදුර විමර්ශන සඳහා ඉන්දීය රජය අපේක්ෂා කර සිටියි.

පසුගිය 23 වැනිදා ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට දන්වා තිබුණේ අයිඑස් සාමාජිකයන් 15 දෙනකු රැගත් සුදු පැතැහි යාත්‍රාවක් එරට බලා පිටත්ව ගොස් ඇති බවට තොරතුරු පවතින බවයි.