කුරුණෑගල දොස්තර ගැන හොයන කමිටුව මෙන්න

Picture of අසංක

අසංක

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් ශාෆි අත්අඩංගුවට පත්වීම සහ ඔහුට එරෙහිව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සය පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත්කර ඇති මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යූඩීපී රත්නසිරි, පරිපාලන සේවා නිලධාරී එල් ඒ බස්නායක, ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්දගේ, විමර්ශන නිලධාරී එන් අයි ගුණවර්ධන යන අය නම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් අදාළ කමිටුව පත්කර තිබේ.
මසක් ඇතුළත අදාළ මූලික විමර්ශන වාර්තාව ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරිය අදාළ කමිටුව වෙත දැනුම් දී තිබේ.