වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිවසේ සිට රාජකාරී කිරීම (Work From Home) වැනි තීන්දු ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බව සඳහන් කළත් එවැනි අධ්‍යයනයක් අවශ්‍ය නොවන බව ත් COVID-19 වසංගත සමයේදී ලෝකයේ රටවල් බොහොමයක් නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කළ බව ත් ඔහු පැවසීය.
එම නිසා එය අලුත් කරුණක් නොවන අතර තත්ත්වය අනුව වහාම ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයක් බව ද ඔහු සඳහන් කළේය.
ලෝකයේ සිදුවන වර්තමාන තත්ත්වයන්ට අනුව රට අනුගත වන තීන්දු කඩිනමින් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීය.
එවැනි තීරණ ප්‍රමාද කිරීමෙන් රටට ගැටලු මතුවිය හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

