කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කළේය. සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති අතර එහිදී කැදැල්ල එන්ටර්ප්‍රයිසස් “ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ව්‍යවසාය නායකයා” සහ “ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක ව්‍යවසාය සමාගම” යන සම්මානවලින් පිදුම් ලැබීය. මෙම ද්විත්ව පිළිගැනීම නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම ඉස්මතු කරයි.


නේවාසික ඉදි කිරීම් සඳහා ප්‍රසිද්ධ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති, පවුලට ගැළැපෙන නිවාස, පරිසර හිතකාමී ගොඩනැගිලි සහ සේවාදායකයන්ගේ අවශ්‍යතාවලට ගැළැපෙන නවීන වාස්තු විද්‍යාත්මක සංකල්ප සඳහා විශේෂඥතාවක් දක්වයි. සමාගම ISO 9001:2015 සහතිකය ලබා ඇති අතර ඉහළ ප්‍රමිති පවත්වා ගැනීම, සාධාරණ මිළ, පරිසරය සුරැකීම, කල් පැවැත්ම සහ කුසලතා සහිත වෘත්තීයවේදීන් හා සේවකයන් යොදා ගැනීම කෙරෙහි ඉහළ අවධානයක් දක්වයි. “අපගේ දැක්ම වන්නේ සෑම විටම සේවාදායකයන්ගේ අයවැයට අනුකූල වන ගුණාත්මක නිවාස ඉදි කිරීමයි. හොඳම අමුද්‍රව්‍ය භාවිත කිරීමෙන් සහ දැඩි තත්ත්ව ප්‍රමිති පවත්වා ගැනීමෙන් අපි ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා තිබෙනවා. අපගේ ඉලක්කය වන්නේ දැරිය හැකි මිලකට සුව පහසු, උසස් තත්ත්වයේ නිවාස සැපැයීමයි. එය බොහෝ ශ්‍රී ලාංකික පවුල්වලට නිවසක හිමිකම යථාර්ථයක් බවට පත් කරනවා.” ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සභාපති ක්‍රිෂාන්ත මුතුකුඩ මහතා පැවසීය.