හෝමූස් විවෘත කිරීම සම්බන්ධයෙන්, පැහැදිලි පිළිගත හැකි එකඟතාවක් ඇතිකර ගැනීමට ඉරානය අපොහොසත් වන්නේ නම්, පහර පිට පහර එල්ල කරමින්, ඉරාන ශිෂ්ටාචාරය විනාශ කරන බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබුණු නමුත්, එම ප්‍රහාර සති දෙකකට කල් දැමීමට ට්‍රම්ප් තීරණය කළේය. ඒ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් විවෘත කිරීමට ඉරානය එකග වූ බව පවසමිණි.
මේ වනවිට, පාකිස්තානය මැදිහත් වී ඇමෙරිකාව සහ ඉරානය අතරේ කඩිනම් සටන් විරාමයක් සම්බන්ධයෙන් සහ සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සිදුවෙයි. එය සාර්ථක වෙමින් පවතින බවක් දක්නට ලැබෙයි.
“පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් පසු ඉරානය මුළුමනින්ම විනාශ කිරීමට මා ගත් තීරණය මා සති දෙකකට කල් දැම්මා. හෝමුස් සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරාන ඉස්ලාමීය ජනරජය එකඟ වී තිබෙනවා. ඒ අනුව සටන් විරාමයක් ආරම්භ වේවි” යැයි ජනපති ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.
මේ සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිවක් පවසා නැත. ට්‍රම්ප් පහර දෙන බව පැවැසූ අවස්ථාවේ, ඕනෑම ආකාරයේ ප්‍රහාරකයට මුහුණ දෙන්න තමන් සූදානම් බව ඉරානය පවසා තිබුණු අතර, ඉරාන වැසියෝ ද ඇමෙරිකන් ප්‍රහාරයක් අපේක්ෂාවෙන් පසුවූහ.

