සටන් විරාමය නිසා තෙල් මිල පහත වැටේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


අමෙරිකාව සහ ඉරානය සති දෙකක සටන් විරාමයකට එකඟතාව පළ කිරීමත් සමග ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල සැලකිය යුතු ලෙස පහල ගොස් තිබෙනවා.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අද උදෑසන හය වන විට වාර්තා වුණේ අමෙරිකානු ඩොලර් 95යි දශම 6යි 0ක් ලෙසයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 13යි දශම 6යි 7කින් අඩු වී ඇති බවයි වෙළඳපොල වාර්තාවල දැක්වෙන්නේ.

එය ප්‍රත්ශතයක් ලෙස සියයට 12යි දශම 5යි එකක අඩුවීමක්.

උඔෂ බොර තෙල් බැරලයක මිලද අමෙරිකානු ඩොලර් 97 යි දශම 5යි 7ක් දක්වා ඩොලර් 15යි දශම 3යි අටකින් අඩුවී තිබෙනවා.

එය ප්‍රප්‍රතිශතයක් ලෙස සියයට 13යි දශම 6යි දෙකකින් අඩුවීමක් බවයි ජාත්‍යන්තර වෙළඳපොල වාර්තාවල දැක්වෙන්නේ.