ඇද හැළෙන අධික වර්ෂාපතනය හමුවේ නායයෑම් ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර තිබේ.
එම සංවිධානය පැවසුවේ අදියර 01 යටතේ විමසිලිමත්බවින් සිටින ලෙසත් සහ අදියර 02 යටතේ අවධානයෙන් සිටින ලෙසත් දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවය.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස දන්වා තිබේ.
තවද බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, පාතහේවාහැට, යටියන්තොට, ගඟඉහළ කොරළය, අකුරණ, ගඟවට කෝරළය, දොළුව, පස්බාගේ කෝරළය, පාතහේවාහැට, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රඹුක්කන, මාවනැල්ල, කෑගල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නෙළුව, අඹන්ගඟ කොරළය, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බඩල්කුඹුර, රත්නපුර දිස්ත්‍රික්කයේ කළවාන, ගොඩකවෙල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්බවින් සිටින ලෙසත් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීම අද පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක බවය.

