කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50ක බද්දක් පැනවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.
එසේම දින 30ක් ඇතුළත මෙම බදු බලාත්මක වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
අගමැති මාක් කාර්නි මෙයට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ, ඉදිරි සති කිහිපය තුළ එක්සත් ජනපදය සමග පවත්වන වෙළෙඳ සාකච්ඡා “තීව්ර කිරීමට” කැනඩාව සූදානමින් සිටින බවයි.

