කැලණි සරසවිය වසයි – ආරක්ෂක වැඩ පිළිවලට සිසුන් පිරිසක් සහය දීලා නැහැ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨයන් දින නියමක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ. විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරයේ ඇතිවු සිදුවීමක් හේතුවෙන් මෙම තීරණය පාලනාධිකාරිය විසින් ගෙන තිබේ.

පෙ.ව. 10.00 සිට විශ්වවිද්‍යාලය වසා දමා  ඇත. කැළණිය විශ්ව විද්‍යාලය නැවත ආරම්භ කිරීමෙන් පසුව ආරම්භ කළ නව ආරක්ෂක සැලැස්මට සුළුතර සිසුන් පිරිසක් සහාය නොදැක්වීම හේතුවෙන් විශ්වවිද්‍යාලයෙත්, සිසුන්ගේත්, පාලනාධිකාරියේත් ආරක්ෂාව වෙනුවෙන් මෙසේ විශ්වවිද්‍යාලය වසා දමා ඇත.

හැකි ඉක්මනින්නම සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසත් පාලනාධිකාරිය දන්වා තිබේ. සති අන්තයේ පවත්වන දේශන නියමිත පරිදි (බාහිර උපාධි/පශ්චාත් උපාධි) පවත්වන බව විශ්වවිද්‍යාලය පවසයි.