නවතම පුවත්

දැරණියගල හිටපු ප්‍රා සභාපතිට වසර 24ක සිර දඬුවමක්

අසංක

අසංක

දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ නොහොත් ‘අත කොටා’ නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 24ක සිරදඬුවම් හා දඩ නියම කර තිබේ.

ඒ අල්ලස් චෝදනාවලට අධිකරණය හමුවේ දීර්ඝ ලෙස විභාග වූ නඩුවකට අදාළව වරදකරු වීමෙනි.

සිර දඬුවමට අමතරව විත්තිකරුට රු. 20000ක දඩයක් ද රුපියල් ලක්ෂ හතරක දණ්ඩන මුදලක් ද නියම කර ඇත.

එමෙන්ම පැමිණිලිකාරියට රුපියල් 250000ක වන්දියක් ගෙවන ලෙසත් එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව වසර 2ක සිර දඬුවම් නියම කරන විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.

2001 වසරෙදී දැරණියගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ඉඩමේ වීදි රේඛා සහතිකය ලබාදීමට වරදකරු විසින් රුපියල් ලක්ෂ 5 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබුණි.

ඉන් රුපියල් ලක්ෂ 4ක් එම ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරී සිරිල් අභයවික්‍රම මාර්ගයෙන් ගෙන ඇති අතර එය අල්ලස් පනත යටතේ වරදක් බව චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණේය.

අනිල් චම්පික විජේසිංහ නමැත්තාට ඝාතන සිද්ධියකට අදාළව 2016 වසරේදී අවිස්සාවේල්ල මහාධිකරණය විසින් මරණ දඬුවම ද නියම කර තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා