මත් ජාවාරම්කරුවන්‌ වැටලීම් සීඝ්‍රවෙයි – පැය 24ක් තුළ තවත් 2නෙක් දැලේ

Picture of අසංක

අසංක

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම විවිධ අපරාධ රැසකට සම්බන්ධ අන්දරේවත්තේ චාමර නැමැත්තා අද අලුයම ග්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම වැටලීම කර ඇත

අත්අංඩගුවට ගන්නා අවස්ථාවේ සැකකරැ සන්තකයේ තිබි ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් සොයාගෙන තිබේ

දැනට බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්ද සමග එක්වී මෙම සැකකරැ මත්කුඩු ජාවාරමේ යෙදෙන අයෙකු බවට ද අංගොඩ ලොක්කා සහ මාකඳුරේ මධුෂ්ගේ සහයකයෙකු ලෙස කටයුතු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශානක මධුශංක හෙවත් ඕලුමරා නමැත්තා තවත් 11 දෙනකු සමග ලුණුවිලදී ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ

හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණි සිටි පිරිසකි

ඕලුමරා නැමති සැකකරු මීට මාස කිහිපයට පෙර අධිකරණයෙන් ඇප මත මුදා හැරි අයෙක් බව පැවසේ