ශ‍්‍රීලනිපයට ප‍්‍රබල තනතුරක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල අලුත් සහ ප්‍රබල තනතුරක් ඇතිකිරීමට එහි මධ්‍යම කාරක සභාව සැලසුම් කරමින් සිටී.

මෙම නව තනතුර සඳහා පක්ෂයේ සියලු සන්නිවේදන කටයුතු භාර කිරීමටද මධ්‍යම කාරා සභාව මේ වනවිට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම තනතුර සඳහා සබරගමුව පළාතේ ප්‍රධාන පෙලේ ශ්‍රීලනිප සාමාජිකයකු පත්කිරීමටද යෝජනාවී ඇත.

පැතුම් වික්‍රමරත්න